පවතින වසංගත තත්වය මත බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සදහා ආදායම් බලපත්ර නිකුත් කිරීම ජූනි මස 6 වෙනිදා දක්වා තවදුරටත් අත්හිටුවා තිබෙනවා.
ඒ අනූව මෙම කාල සිමාවේදී කල් ඉකුත්වන ආදායම් බලපත්ර සදහා ජූනි මස 30 වෙනිදා දක්වා දඩ මුදල් අය නොකෙරෙනු ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්රමවේදය හරහා ආදායම් බලපත්ර ලබාගැනීමේ හැකියාවද පවතින බවද එහි වැඩිදුරටත් සඳහන්.