රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව චීනයෙන් ඇණවුම් කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ලබන ජුනි 06 වැනිදා දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව කොවිඩ් අවදානම මත කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන තවත් ප්‍රදේශවෙත ගෙනයන අතර ඒ සඳහා එම එන්නත් තොගයද ලැබුණු විගස නිකුත් කිරීමට නියමිතයි.