fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 25, 2021 07:34

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

අමාත්‍ය මණ්ඩල හමුව ඊයේ (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.
ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2021 07:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්