ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 2,959 දෙනෙකු හදුනා ගැණුනා. කොරෝනා මරණ 32 ක් තහවුරු කිරීමත් සමග මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව එක්දහස් දෙසීයේ සීමාව ඉක්මවා ගියා. මේ අතර කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන වෝක් ඉන් සහ ඩ්‍රයිව් ත්රූ පරීක්ෂණ සදහා තවදුරටත් අවසර නොදීමට තීරණය කර තිබෙනවා.
අද උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 2,959 දෙනෙකු හදුනා ගැණුනා. ඉන් 14 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 554 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 391 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 198 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 179 ක් ලෙස ආසාදිතයින් හදුනා ගැණුනා.
පසුගිය අප්‍රේල් 23 වනදා සිට ඊයේ දිනය දක්වා කොරෝනා මරණ 32 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 1,210 ක් දක්වා ඉහළ ගියා. එම මරණ තිස්දෙකෙන් 18 දෙනෙකුම කාන්තාවන් අතර සෙසු 14 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි රජයෙ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මියගිය පුද්ගලයින් අවුරුදු 28 ත් 91 ත් අතර වයස්වල පසුවන්නන්.