කැරට් පහළොවයි දශම අටයි එකක දියමන්තියක් ඇමෙරිකා ඩොලර් මිලියන විසිනවයයි දශම දෙකකට අලෙවි වී තිබෙනවා.
මෙය දියමන්ති වෙළෙදපොලේ නව ලෝක වාර්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හොංකොං හි පැවති වෙන්දේසියකදී එය අලෙවි කෙරුණා. දම් රෝස පැහැයකින් යුතු මෙම දියමන්තිය සකුරා ලෙසින් හදුන්වා තිබුණා. ඒ ජපානයේ සකුරා මල් සිහිගැන්වීම සදහායි. දියමන්තිය මිලදී ගෙන තිබුණේ දුරකතනය ඔස්සේ ලංසු තැබූ පුද්ගලයෙකුයි. මීට පෙර අලෙවි වූ වැඩිම වටිනාකමින් යුතු දියමන්තිය ලෙස සැලකෙන්නේ ජිනීවා හිදී අලෙවි වූ කැරට් 14.83 ක දියමන්තියයි.