fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් – 24 වනදා සුළි කුණාටුවක ලකුණුත්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2021 19:35

බෙංගාල බොක්කේ අඩු පීඩනයක් – 24 වනදා සුළි කුණාටුවක ලකුණුත්

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාලබොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් එය හෙට දිනවන විට පීඩන අවපාතයක් දක්වාත්, මැයි මස 24 වනදින වන විට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා.

මෙම පද්ධතිය වයඹ දිශාවටගමන් කර මැයි 26 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වන නිරත නොවන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටිනවා.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 60ත් දක්වා වැඩිවියහැකියි. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2021 19:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්