දිස්ත්‍රික්ක 3 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9 ක් අද පෙරවරු 6 සිට හුදෙකලා තත්ත්වයට පත් කර තිබෙනවා. තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එමෙන්ම ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා කිරීම් සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු, කිරිවැව, සෙවණගල සහ බහිරාව යන ග්‍රාම සේවා වසම් අලුතින් හුදෙකලා බවට පත් කෙරුණා. මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ හබරත්තවෙල, හඹරුගල, මහගම, ඉදිකොළපැලැස්ස යන ග්‍රාම සේවා වසම් ද අලුතින් හුදෙකලා තත්ත්වයට පත් කර තිබෙනවා. පුදුකුඩුඉරිප්පු, මුල්ලියාවේලි හා මුලතිව් පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් කිහිපයක් හැර ඉතිරි ප්‍රදේශවල හුදෙකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කෙරුණා. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු පොලිස් බල ප්‍රදේශයේ තෙවිපුරම්, පුදුකුඩුඉරිප්පු බටහිර සහ නැගෙනහිර. මන්තුවිල්, මලියතිව්, කොම්බාවිල්, උඩායියාකට්ටු උතුර සහ දකුණ, වල්ලිපුරම් යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. මුල්ලියාවේලි පොලිස් බල ප්‍රදේශයේ මුල්ලියාවලයි බටහිර සහ උතුර යන ග්‍රාම සේවා වසම්වල ද හුදෙකලා බව ක්‍රියාත්මක වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ මගුල්පොකුණ ගම්මානය වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියවත්ත දකුණ සහ කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ සහ මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම්වල ද හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත සහ කැන්දාව මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැදකිරිමැටියාන ග්‍රාම සේවා වසමේ හුදෙකලා බව ඉවත් කෙරුණා. අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමැදගම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ බටුවන්හේන ප්‍රදේශයට පනවා තිබූ හුදෙකලා තත්ත්වය ද ඉවත් කෙරුණා. යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමන් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමන් උතුර කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කැස්බෑව දකුණ, මාකන්දන නැගෙනහිර. දම්පේ බටකැත්තර උතුර, මඩපාත, හල්පිට, කැස්බෑව උතුර , මාකන්දන බටහිර, නිවුන්ගම, පොල්හේන, හොන්නන්තර උතුර, දැල්තර නැගෙනහිර සහ බටහිර, නිවන්තිඩිය මාම්පේ නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්වල ද හුදෙකලා බව ඉවත් කෙරුණා. මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම සේවා වසමේ හුදෙකලා බව ද ඉවත් කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර දින 14 ක කාලයක් රට වසා තබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා. එවැනි කටකතාවලට නොරැවටෙන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.