ලෝකයේ දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ මරණ 4522 ක්.
ඉන්දියාව ඇමරිකාව අභිබවා යමින් පසුගිය පැය 24 තුළදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවූ රට බවට පත්වුණා. මීට පෙර ජනවාරි 12 වනදා ඇමරිකාවෙන් දිනකදී මරණ 4468 ක් වාර්තා වුණා. පසුගිය අප්‍රේල් 6 වනදා බ්‍රසීලයෙන් ද දිනකදී මරණ 4211 ක් වාර්තා වුණා. පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ කොරෝනා තත්ත්වය උපරිමත්වයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
ඉරිදා දිනයේ දී පමණක් ඉන්දීය වෛද්‍යවරු පනස් දෙනෙකුට කොරෝනා හේතුවෙන් ජීවිත අහිමි වුණා. කොරෝනා වයිරසයේ දෙවන රැල්ල හේතුවෙන් ඉන්දීය වෛද්යීවරු 270 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර පළමු රැල්ලේ දී ඉන්දීය වෛද්‍යවරු 736 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. මහාරාෂ්ට්‍ර ප්‍රා න්තයෙන් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වනවා. කර්ණාටක, දිල්ලි, උත්තර් ප්‍ර දේශ් සහ තමිල්නාඩු යන ප්‍රාන්තවලින් ද දිනකට තුන්සියය ඉක්මවූ මරණ වාර්තා වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ