ලබන 21 වනදා සිට 24 වනදා දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලූ ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව මැයි 21 වන දින සිට මැයි 24 වන දින දක්වාත් නැවත මැයි 26 වන දින සිට මැයි 28 වන දින දක්වාත් ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙයි.
කෙසේ වෙතත් මැයි 25 වන දින අලුයම 04 සිට සියලූම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ කිරීමට සැළසුම් කර තිබෙනවා.
එදින අවශ්‍ය එළවළු සහ පළතුරු ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සියලුම ලොරි රථවලට අවසර පත්‍ර දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට කටයුතු කෙරෙනවා.
ලබන 21 වන දින සංචරණ සීමා පැනවීමට පෙර තොග, ජංගම, සිල්ලර වෙළන්දන් සහ ගොවීන් අදාළ අවසර පත්‍ර ලබාගත යුතු වනවා.