පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද අනාවරණ කළා.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට තම ධුර කාලය තුළ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිපති දිප්පුලද ලිවේරා මහතා පසුගියදා සිදුකර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි සරත් වීරසේකර මහාතා මේ බව කියා සිටියේ.
නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දෙනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වනවිට සැකකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු 9 ක් පවරා ඇති බවත් අනෙක් සැකකරුවන්ට එරෙහිවද කඩිනමින් නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට විදේශිකයන් කිහිපදෙනෙකු සම්බන්ධ බවටද තොරතුරු අනාවරණ වී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලාංකික සම්භයවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ලුක්මාන් තාලිබ් නැමැත්තා දැනටමත් කටාර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මාලදිවයින් ජාතිකයන් 4 දෙනෙකුද මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා.