බෝගහකුඹුර පොලිස් බල ප්රදේශයේ නිවාසවලින් රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව සොරාගත් රුපියල් ලක්ෂ 20 ක පමණ වටිනාකමින් යුත් රන් ආභරණ ද හමු වූ බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු බෝගහකුඹුර කුරුදුගොල්ල ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. අලුගොල්ල, ගල්වත්ත, හපුරොද ආදී ප්රදේශවල නිවෙස්වලට දහවල් කාලයේදී ඇතුලු වි මෙම පුද්ගලයා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.