ලොව පුරා එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික්වලින් අඩක් පමණ නිෂ්පාදනය කරන්නේ සමාගම් 20 ක් මගින් බව හෙළිවී තිබෙනවා.
ප්ලාස්ටික් බෝතල්, ආහාර ඇසුරුම් හා බෑග් වර්ග නිෂ්පාදනය කිරීමේ දැවැන්ත සමාගම් 20 ක් ඊට සම්බන්ධ බවයි ලන්ඩන් ආර්ථික පාසලේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ. සෑම වසරකදීම විවිධ ආකාරයේ ප්ලාස්ටික් උපකරණ බිලියන ගණනක් මෙලෙස නිෂ්පාදනය කෙරෙනවා. එක්සොන් මොබිල් ඇතුලු පෙට්‍රෝලියම් ආශ්රිත නිෂ්පාදන ආයතන මෙම ප්ලාස්ටික් ද්‍රව්‍ය සකස් කරන බව පෙනී ගොස් තිබෙනවා.