පලස්තීන ජනතාවගේ දීර්ඝ කාලීන මිනිසෙකු ලෙස ඔවුන් වෙත රාජ්‍යක් ලබා ගැනීම සදහා ඇති සුජාත හිමිකම වෙනුවෙන් තමන් අඛණ්ඩව පෙනී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊශ්‍රායල් පලස්තීන ගැටුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. පලස්තීන ජනතාවට සිය අනන්‍යතාව තහවුරු කර ගනිමින් ක්‍රියාත්මක වීමේ හිමිකම ආරක්ෂා කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පලස්තීන මෙන්ම ඊශ්‍රායල ජනතාවට ද ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී හා වඩාත් නීත්‍යානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. සම්මුතිය හා සාකච්ඡාව මගින් ඊශ්‍රායල හා පලස්තීන ගැටලුවට විසදුමක් සොයා ගැනීම සදහා යොමු විය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා එවැනි කාර්යයක් සදහා යොමුවිය හැක්කේ දෙපාර්ශ්වයේ ජනතාවට පමණක් බව ද අවධාරණය කරනවා.
ඊශ්‍රායල පලස්තීන කලාපය ශුද්ධ භූමියක් ලෙස ආගම් රැසකට වැදගත්වන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා සමස්තයක් ලෙස ගත් විට මනුෂ්‍ය වර්ගයාගේම උරුමයක් ලෙස සැලකිය හැකි බවයි පෙන්වා දෙන්නේ. මෙවැනි තත්ත්වයක් යටතේ ගැටුම්කාරී තත්ත්වය අවම කර සටන් විරාමයක් සදහා යොමු වී සාකච්ඡා මගින් ගැටලු විසදා ගන්නා ලෙස තමන් අවංකව ඉල්ලීමක් කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
කුඩා දරුවන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ජීවිත අහිමි වන මෙම අවාසනාවන්ත තත්ත්වය ලෝක මට්ටමෙන් බලපාන ගැටලුවක් බව ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
මේ අතර විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊශ්‍රායල පලස්තීන ගැටුම්කාරි තත්ත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවයි. විදේශ අමාත්‍යවරයා මෙරට පලස්තීන තානාපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් හා ජීවිත සුරැකීම සම්බන්ධයෙන් උනන්දුව ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. පවතින ගැටුම් සමග කලාපය අස්ථාවර වීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසයි විදේශ අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන් වෙතින් ඉල්ලා ඇත්තේ.