පාසල් ඉතා ඉක්මනින් විවෘත කිරීමට නම්, පාසල් තුළ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂණය සුරක්ෂිත කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඒ අනුව පාසල් ගුරුවරුන්ට එන්නත ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට තිබෙන බවයි මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන්ට එම අවස්ථාව උදාකර දී තිබෙන අතර ඉතා ඉක්මනින් අනෙකුත් පළාත්වල ද එම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.