කොවිඩ්- 19 රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට රජය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, ඩී.ඒ රාජපක්ෂ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.
එලෙස ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ ගරු නාමල් රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වුණා.