බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගි වෙයි. දෙරට අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මැයි 23 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වේ. තරගාවලියේ සියලු තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.