ඊයේ (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,269ක් වාර්තා වුණා.
ඊයේ (12)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,269 දෙනා අතුරින් 20දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 2,249 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 643 වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 331 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 174ක්, කළුතරින් 121 දෙනෙකු ද වාර්තා වනවා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 135,769 දෙනෙකු වනවා. මේ අතුරින් 108,802 නෙකු සුවය ලැබුවා. 26,102 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.