ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මේ හේතුවෙන් ඉහළ ප්‍රදේශවල අද(13) සිට නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.