ගත වූ පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 8,747 ක් අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර පළාත් සීමාවන් උල්ලංඝනය කිරීමට උත්සාහ කළ වාහන 145ක සිටි 229 දෙනෙකු පමණ ආපසු හරවා යැවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.