ඊයේ (12) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,429ක් වාර්තා වුණා.
ඊයේ (12)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,429 දෙනා අතුරින් 43දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 2,386 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 413 වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 332 දෙනෙකු ද කළුතරින් 370 දෙනෙකු ද වාර්තා වනවා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132,527 දෙනෙකු වනවා. මේ අතුරින් 107,657 නෙකු සුවය ලැබුවා. 24,002 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.