ජෙරුසලමේ ඇති වූ ගැටුම්වලින් පලස්තීනුවන් 163 ක් සහ ඊශ්‍රායල පොලිස් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන වෛද්‍යවරුන් සහ ඊශ්‍රායල පොලිසිය පවසනවා.
පලස්තීනුවන් ගල් හා බෝතල් විසි කිරීම නිසා ඊශ්‍රායල පොලිසිය රබර් උණ්ඩ සහ අත් බෝම්බ ප්‍රහාර එල්ල කළ අල්-අක්සා පල්ලියේදී බොහෝ දෙනෙකුට තුවාල සිදුවුණා.
පලස්තීනුවන්ව යුදෙව් පදිංචිකරුවන් විසින් ඉඩම් වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස ගැටුම් උත්සන්න වෙමින් තිබෙනවා.
ජෙරුසලමේ පැරණි නගරයේ අල්-අක්සා මුස්ලිම් සංකීර්ණය ඉස්ලාමයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක් වන නමුත් එහි පිහිටීම යුදෙව් ආගමේ ශුද්ධස්ථානය වන අතර එය පන්සල් කන්ද ලෙස හඳුන්වයි.
ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසාන සිකුරාදා සැමරීම සඳහා දහස් ගණනක් එහි රැස්වීමෙන් පසු සිකුරාදා රාත්‍රියේ මෙම ගැටුම් හට ගැනුණා.
ඊශ්‍රායල පොලිසිය පැවසුවේ සවස් වරුවේ යාච්ඤාවෙන් පසු දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ කැරලි කෝලාහල හේතුවෙන් ඔවුන් බලය යෙදවූ බවයි.