ඉදිරියේදී අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
රටේ පවතින වසංගත විද්‍යා තත්වය අධ්‍යයනය කර තීන්දු තීරණ ගන්නා බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.
“වසංගත විද්‍යාත්මකව තමයි මේ වහන තීන්දු ගන්නේ. දේශපාලනිකව නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ අවශ්‍යතාවය මත වහනවා. සමහරවිට අනවශ්‍ය විදිහට වහන එකටත් අපිට එකඟ වෙන්න බැහැ. අවශ්‍යතාවය අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාටත් දිසාපතිතුමාටත් කතා කරලා කරන්න පුළුවන්. හැබැයි අධ්යක්ෂ ජනරාල්තුමාට දැනුවත් කරන්න ඕනේ කියන උපදෙස් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවය මත ග්‍රාම නිලධාරී වසම් වැහෙනවා. එතකොට ඉස්සරහට අපි බලමු… අවශ්‍ය වුනොත් රට වහන්න සිද්ධ වෙයි.”