චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ඉදිරි දින 02 – 03 තුළදී අනුමැතිය හිමිවනු ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව දැනට ගෙන්වා ඇති එම මාත්‍රා ලක්ෂ 06 යොදාගනිමින් ශ්‍රී ලාංකික ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
මේ අතර ෆයිසර් එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබෙනවා.
ඒ අනුව එම එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බවයි කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියාසිටියේ.