අනුරාධපුරයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකෑමට ගත් උත්සාහයක් ව්‍යර්ත කිරීමට එම බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ට හැකිවුණා.
අනුරාධපුර නව නගරයේ පිහිටි මෙම බැංකුවේ ඒටීඑම් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීම සදහා බැංකු ආරක්ෂක නිලධාරීන් ඇතුලු කණ්ඩායමක් අද පෙරවරු 6.30 ට පමණ පැමිණ තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එම නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් මංකොල්ලකෑමටයි උත්සාහ දරා තිබෙන්නේ. එහෙත් බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි කැපවීම මත මංකොල්ලකරුවන්ගේ උත්සාහය අසාර්ථක වුණා.
මෙහිදි තම ආරක්ෂකයින්ගේ ගිනි අවියක් කොල්ලකරුවන් පැහැර ගෙන එයින් වෙඩි තබා ඇති බවයි බැංකු නිලධාරීන් පවසන්නේ. ආරක්ෂක නිලධාරීයෙකු තුවාල ලබා ඇති අතර කොල්ලකරුවෙකුටද වෙඩි වැදී ඇති බවටද සැක කෙරෙනවා.
කෙසේ වුවද රුපියල් ලක්ෂ එකසිය විස්සක පමණ මුදලක් මෙසේ ආරක්ෂා කර ගැනීමට බැංකුවේ ආරක්ෂක නිලධාරීන්ට හැකි වුණා.