දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට දැඩි සෞඛ්‍යය කොන්දේසි මත තාවකාලිකව යළි විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
පස්වරු 5 දක්වා පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බවයි කොවිඩ් 19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා සදහන් කළේ.
ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළුවීම එළවළු අලෙවි කිරීම ඇතුළත රැඳී සිටීම ආදී කරුණු පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් දඹුල්ල මහ නගර සභාව මගින් සෞඛ්‍ය අංශ ඒකරාශී වී සකස් කර තිබෙනවා.
එහෙත් දඹුල්ල නගරය තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවත්වා යාමටයි කටයුතු කර තිබෙන්නේ.
කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරුනේ පසුගිය මස 26 වනදායි.
මේ හේතුව නිසා එළවළු ගොවීන් සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයටකට පත්ව සිටියා.