දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය – පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසයත්, කලුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරී කොට්ඨාසයත්,රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.
ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩටස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසයත් හුදෙකලා කර තිබේ.