ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ බංග්ලාදේශ පළමු ඉණිම ලකුණු 251 කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
පල්ලෙකැලේ ක්රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හතකට ලකුණු 493 ක් රැස්කළා. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්රීඩකයින්ට සියලු දෙනා දැවී පළමු ඉණිම සදහා ලබාගත හැකිවුණේ ලකුණු 251 ක් පමණයි.
තම මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කරන ප්රවීන් ජයවික්රම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශ ඉණිමේ කඩුලු 6 ක් දවාගත්තේ ලකුණු 92 ක් පමණක් ලබාදෙමින්.
රමේෂ් මෙන්ඩිස් හා සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් බිදහෙළුවා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 242 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉණිමේ පන්දුවට පහරදීම ආරම්භ කළා.