විපක්ෂ නායකයා හදිස්සියේම බටහිර තානාපතිවරුන් සමග සාකච්ඡා කළේ මව්බිමට ආර්ථික සම්බාධක පැනවීමට ද යන්න පිළිබඳ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමෙරිකාව හා යුරෝපා සංගමය ප්රමුඛ රටවල තානාපතිවරුන් පසුගියදා මුණගැසුණා.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මව්බිමට එරෙහිව යෝජනා සම්මත කරගත් පාර්ශ්වයන් සමග විපක්ෂ නායකයා මෙලෙස හදිසි සාකච්ඡා පැවැත්වූයේ මන්දැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විමසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ප්‍රශ්න කරන්නේ මෙසේ හදිසි සාකච්ඡා පැවැත්වූයේ මව්බිමට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ජනතාවත්, ජන ජීවිතත් විනාශ කිරීමට ද යන්නයි. එසේ නැතිනම් අදාළ සාකච්ඡාවල අරමුණු සහ සාකච්ඡා වූ කරුණු වහාම රටට හෙළිකළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JMOat2CLKAg”]