ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ එක් දහස් නවසිය තිස් හතරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව දහ දහස් හත්සිය හතලිස් නවයක්. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ විසි දහසකට ආසන්නයි. එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවක් ද සිදුව ඇත්තේ ඉන්දියාවෙන්. ඊයේ දිනයට එරට සිදුවූ කොරෝනා මරණ දෙදහස් හත්සිය හැට හතරත් සමග සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අනූ හත් දහස් අටසිය අසූවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට සමස්ත ලෝකයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දා හතර කෝටි අසූ පන් ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස් එක් ලක්ෂ තිස් තුන් දහස් පන්සිය හතරක්.