හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් විමසා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රෝහලට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2021 19:03

හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් විමසා බැලීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රෝහලට

ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු දැනගෙන සිටියදීත් පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවාවී, ඒවා වසන් කිරීමට උත්සාහ කළේයැයි චෝදනා කරමින් ආණ්ඩු පක්ෂයෙන් පසුපෙළ මන්ත්‍රිවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුත් පැමිණිල්ලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළේ ඉකුත් 21වනදායි.  මේ අතර   නිදන්ගත රෝග කිහිපයකටප්‍රතිකාර ලබාගැනීම සදහා  යැයි කියමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා රෝහල්ගතවුණා.  නීතිය මගහරිමින් පෞද්ගලික රෝහලක සැගවී සිටින හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසා බැලීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රෝහලවෙත පැමිණියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2021 19:03