fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙනු ලබන සේවාවන් සීමා කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2021 11:21

රියදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙනු ලබන සේවාවන් සීමා කරයි

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් ලබා දෙන සේවාවන් සීමා කර තිබෙනවා.

මෙරට පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුවයි එම සේවාවන් සීමා කර ඇත්තේ. මේ අනුව රියදුරු බලපත්‍ර‍ ලබා ගැනීම සදහා ලබන 27 වන දින සිට මැයි මස 13 වන දින දක්වා මධ්‍යහ්න 12න් පසු සේවාලාභීන් සදහා ලබා දී තිබූ  දිනයන් හා වේලාවන් සංශෝධනය කර තිබෙනවා.

මෙම කාලසීමාව තුලදී මධ්‍යහ්න 12ට පෙර වේලාවක් ලබා දී තිබූ සේවාලාභීන්ට එම දිනවලදීම පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා සේවා ලබා ගැනීමට හැකි වනවා. මේ පිලිබද වැඩිදුර තොරතුරු  011 2677877 දුරකථනය ඔස්සේ ලබාගත හැකියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2021 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්