fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔබ්සර්වර් SLT මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්විණි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2021 12:29

ඔබ්සර්වර් SLT මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්විණි

42 වන ඔබ්සර්වර් එස් එල් ටී මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ සහ එස් එල් ටී මොබිටෙල් අනුග්‍රහයෙනුයි මෙම තරගය සංවිධාන කර තිබුණේ. ඒ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින්.

සමස්ත ලංකා හොදම පාසල් ක්‍රිකට් කණ්ඩායම බවට නුවර ත්‍රිත්ව විද්‍යාලයේ කණ්ඩායම පත් වූ අතර හොදම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනුශ්‍රි පරණවිතානට හිමිවුණා. හොදම කාන්තා පාසල් කණ්ඩායම බවට පත් වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයයි.හොදම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වුණේ එම විද්‍යාලයේ කවීෂා දිල්හානියි.

සම්මාන උලෙළ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රී 10.15 ට විකාශය වීමට නියමිතයි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන ප්‍රදානය ආරාධිතයන් අතින් සිදු කෙරුණා.

ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න එස් එල් ටී මොබිටෙල් සභාපති රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2021 12:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්