විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කලුන්දෑව ප්‍රදේශයේ වගා ළිදකට වැටුණු අලි මවක හා අලිපැටවෙකු ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වුණා. එහිදී ඇතින්න වනජීවී නිලධාරීන් පසුපස එලවමින් පහර දීමට තැත් කරන ආකාරය ද දැක ගැනිමට ලැබුණා.
වයස අවුරුදු 25 ක පමණ අලි මවක හා මාස 10 ක පමණ අලි පැටවෙකුයි වගා ළිදට වැටී තිබුණේ. ඔවුන් ගොඩ ගැනීමෙන් පසු අලි මව නිලධාරීන්ට පහර දීම සදහා පසුපසින් එලවා ගිය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ළිං කට කපා පැය 4 ක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු අලි මව හා පැටවා බේරා ගැනුණා. අලි මව පළමුව ගොඩට පැමිණ වනයට පලා ගිය බැවින් අලි පැටවා වනජීවී භාරයට ගෙන විල්පත්තු ජාතික වනෝද්‍යාන කාර්යාලයට භාර දීමට කටයුතු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kx4yJGO4Fpk”]