අනවසරයෙන් අත්පත්කරගෙන ඇති වැව් රක්ෂිත නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ වැව් පිළිබද සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
වැව් සම්බන්ධ මිනුම් කටයුතු කිරීමට වෙනම මිනුම්දෝරු ඒකකයක් ආරම්භ කිරීමට ද නියමිතයි. ග්‍රාමීය වැව් රක්ෂිත ඇතැම් පුද්ගලයන් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවට හෙළිව තිබෙනවා. මෙම වැව් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තමන් වෙත භාර දුන් බව ද අනුරාධ ජයරත්න මහතා මෙහිදී සදහන් කළා. මෙරට වැව් 836 ක් සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි ඒ මහතා කියාසිටියේ. ඒ සදහා ඉතිහාසයේ පළමු වරට රුපියල් බිලියන 4 ක මුදලක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වෙන්කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Y5TX5x-gIe4″]