බාලවයස්කාර දරුවන් සදහා මත් කරල් අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කලුතර කොට්ඨාස විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙකු මෝටර් රථයක් යොදාගනිමින් මොරටුව, පානදුර, වාද්දුව යන ප්‍රදේශවල පාසල් දරුවන් හා බාලවයස්කරුවන් සදහා මෙම මත්කරල් අලෙවිකර තිබෙනවා.
එසේ අලෙවි කිරීම සදහා මත් කරල් රැගෙන යමින් සිටියදී කළුතර උතුර, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත්තා. මත් කරල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ද මෙහිදී සොයා ගැණුනා.