fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ගිය රැළියේ කොවිඩ් ආසාදිතයෙක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 12:35

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ගිය රැළියේ කොවිඩ් ආසාදිතයෙක්

පසුගිය සතියේ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ගිය රැළියේ කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ පසුගිය සතියේ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ගිය රැළියේ සිටි පොලිස් නිලධාරියෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.

පසුගිය මාර්තු මාසයේ අග සිට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන රැළිය හා සම්බන්ධ වූ තහවුරු කළ ආසාධන සිද්ධිය මෙය බවද සදහන් වනවා. 30 හැවිරිදි වියේ පසුවන පොලිස් නිලධාරියා අප්‍රේල් 17 වන දින නාඔෂිමා නගරයේ රථ වාහන පාලනය සදහා සම්බන්ධ වී සිටි බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම නිලධාරියා මුඛ ආවරණයක් පැළද සිටි බවත් ඔහු රැළියේ ධාවනයේ යෙදුනු සාමාජිකයින් සමග කිසිදු සබදතාවයක් පවත්වා නොමැති බවත් පැවසෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්