ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමක් පිලිබදව අද (23) උදෑසන වාර්තා වුණා.
මේ පිළිබදව සොයා බැලීමේ දී දැන ගැනීමට ලැබුණේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ඊයේ උදෑසන හදිසියේම රෝහල්ගතව ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව තිබෙනවා. ස්වාධීන රූපවාහිනි ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ නිදන්ගත රෝග කිහිපයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙලෙස රෝහල් ගත වූ බවයි.
කෙසේ වුව ද මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසා බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් අද පෙරවරුවේ කටයුතු කළා. ඔවුන් සදහන් කලේ පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවයි.
මේ අතර අද පාර්ලිමේන්තුවේදීද හරීන්ප්රනාන්දු මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබදව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබද විශේෂ ප්‍රකාශයක්ද සිදුකළා.
මේ පිළිබදව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද විපක්ෂ නායකවරයාට පිළිතුරු ලබාදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BV9axfj1zZc”]