fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි නුවර රෝහල්වල දැවැන්ත ඔක්සිජන් හිඟයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:43

නවදිල්ලි නුවර රෝහල්වල දැවැන්ත ඔක්සිජන් හිඟයක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහල් දැවැන්ත ඔක්සිජන් හිඟයකට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ දිල්ලි නුවර දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යාමත් සමග ඔක්සිජන් සංචිත සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්සිජන් බෙදාහැරීම සදහා පිටත්වූ පළමු දුම්රිය බහාලුමු 7 ක් සහිතව විශාකපට්නම් සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් දෙදහස් 503 ක්.

කොරෝනා පළමු රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ඉන්දියාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේදී ජනතාව දැක්වූ අලසබව හේතුවෙන් මෙවන් අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා.

ලොව රටවල් කොරෝනා වසංගතයෙන් දැඩිසේ පීඩාවට පත්ව සිටියදී පවා මිලියන සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් රටේ පැවැති ආගමික උත්සව මෙන්ම දේශපාලන පක්ෂ පැවැත්වූ දැවැන්ත රැළිද මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

එමෙන්ම පැතිර යමින් පවතින ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදය ද වත්මන් තත්ත්වය උත්සන්න වීමට බලපා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්