වර්ෂාවත් සමග අකුණු අනතුරු ඉහළ ගොස් තිබෙනවා. ස්ථාන කිහිපයකදීම එවැනි අනතුරු සිදුවුණා.
බේරුවල කාලවිල පුස්සලමුල්ල ප්රදේශයේ දී අකුණු ගැසීම් හේතුවෙන් නිවාස කිහිපයකම විදුලි මීටරවලට හානි සිදුවුණා.
එමෙන්ම එම ප්රදේශයේ විදුලි සැපයුම ඇනහිටි බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. අකුණු හේතුවෙන් ප්රදේශයේ නිවසක ගින්නක් ද හට ගැනුණා.
සිද්ධියෙන් නිවස මුළුමනින්ම විනාශයට පත්වුණා. අනතුර සිදුවූ අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටි බවයි වාර්තා වන්නේ.