fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද දවසේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:18

අද දවසේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි

පළාත් කිහිපයකට අද දවසේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්