fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු ගැටුම විමර්ශණයට නි. කථානායක සභාපතීත්වයෙන් යුත් කමිටුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:28

පාර්ලිමේන්තු ගැටුම විමර්ශණයට නි. කථානායක සභාපතීත්වයෙන් යුත් කමිටුවක්

පසුගිය අප්‍රේල් මස 21 දින පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා ගත යුතු පියවර සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතායි. චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, යන කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඉම්ටියාස් බාකීර් මාකාර්, රංජිත් මද්දුම බණ්ඩාර, එම් .ඒ සුමන්තිරන් යන මැති, ඇමැතිවරුමෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

ඉදිරියේ දී එවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමකි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්