fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රදේශයට රොකට් ප්‍රහාර 3 ක් එල්ල වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:17

බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රදේශයට රොකට් ප්‍රහාර 3 ක් එල්ල වෙයි

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රදේශයට රොකට් ප්‍රහාර 3 ක් එල්ල වී තිබෙනවා.

මෙම රොකට් ප්‍රහාර 3 නිරිත දිග බැග්ඩෑඩ්හි ගුවන් තොටුපළ මායිම ආසන්නයේ ස්ථාන 3 ක් වෙත මධ්‍යම රාත්‍රියේදී පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාක ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන කාර්යාලය නිවේදනය කරන්නේ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවයි.

රොකට් ප්‍රහාර 3 න් 1 ක් අබුග්‍රයිබ් බන්ධනාගාරය අසලත් අනෙක් ප්‍රහාරය ත්‍රස්ත මර්දන ඇකඩමිය වෙතත් තෙවැනි ප්‍රහාරය ඉරාක හමුදා කදවුරක් අසලටත් පතිත වී ඇති බවයි සදහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2021 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්