සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය දික්වැල්ලේ තිස්ස ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වූවා.
ශ්‍රී දේහය තැන්පත්කර ඇති වැව්රුකන්නල රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා මෙසේ අවසන් ගෞරව දැක්වූවා. ශෝක සටහන් පොතේ සටහනක් තැබීමට ද ජනාධිපතිතුමා ක්‍රියා කළා.
අමරපුර සිරි සද්ධම්මවංශ මහනිකායේ මහනායක අතිපූජ්‍ය අහුංගල්ලේ සිරිසීල විශුද්ධි ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා කළා.
මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.