fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන එලිසබෙත් මහ රැජින උත්සව නොමැතිව 95වන උපන් දිනය සමරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2021 14:41

දෙවන එලිසබෙත් මහ රැජින උත්සව නොමැතිව 95වන උපන් දිනය සමරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින සිය අනූ පස්වන උපන් දිනය සැමරුවා.

සිය ස්වාමි පුරුෂයා වන එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය හේතුවෙන් කිසිදු විශේෂ උත්සවයකින් තොරව සිය අනූපස් වන උපන් දිනය වින්ඩ්සර් මාළිගයේ දී සැමරීමට ඇය කටයුතු කළා.

පිලිප් කුමරුගේ අභාවයත් සමග සති දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මීට පෙර රාජකීය උපන් දින සැමරුම් සදහා සිදුකරන සාම්ප්‍රදායික වැඩසටහන් සියල්ල අත්හිටුවීමටයි කටයුතු කර තිබුණේ.

දීර්ඝ කාලයක්  බ්‍රිතාන්‍ය යේ කිරුල දරා සිටි රාජකීය තැනැත්තිය ලෙසටයි දෙවන එලිසබෙත් මහ රැජින සැලකෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2021 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්