කැරොලයින් ජූරි මහත්මිය 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ ආපසු ලබාදීම ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායක මණ්ඩලය පිළිගෙන තිබෙනවා.
කැරොලයින් ජූරි මහත්මිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ ස්වෙච්ඡාවෙන් අත්හැර ඇති බවයි එම තරගාවලියේ සංවිධායක මණ්ඩලය සදහන් කර ඇත්තේ. ඉදිරි කටයුතු වලදී ඇයට සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට සුභාශිංසන එක් කරන බවද ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සංවිධායක මණ්ඩලය නිවේදනය කරනවා. මේ අනුව 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කේට් ෂෙනීඩර්ට හිමිවනු ඇති.