ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන නියාමනය කර ඒ සදහා බලපත්‍ර ලබාදිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සමාජ හෝටල් පාසල් හා ක්‍රීඩාව සම්බන්ධ වෙනත් ආයතනවල ක්‍රීඩා ශාලා කාය වර්ධන ශාලා ක්‍රියාත්මක වනවා. නාගරිකව මෙන්ම ග්රාමීයවද මෙම ආයතන දැකිය හැකියි.
මෙවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ප්‍රමිතියක් හෝ මාර්ගෝපදේශයක් රජය මගින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ඒ හේතුවෙනුයි මෙම ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන නියාමනය කර ඒ සදහා බලපත්‍ර ලබාදිය යුතු බව සදහන් කරන්නේ.