එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් භට ඛණ්ඩයක් පිටව ගියා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 243 දෙනෙකු පමණ මෙම භට ඛාණ්ඩයක් ඇතුළත් වන අතර ඔවුන් මාලි රාජ්‍යයේ මෙහෙයුම් සදහා යොමු කෙරෙනු ඇති. විශේෂ පුහුණුවක් ලබාදී ඇති මෙම කණ්ඩායම නික්ම යාම අද පෙරවරුවේ සිදුවුණා.
ඔවුන් බැහැර යාමේ අවස්ථාවට හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද එක්වුණා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්රයේදීයි. මෙම භට කණ්ඩයේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල මහතා ඇතුළු නිලධාරීන් සමග හමුදාපතිවරයා කතාබහකද නිරතවුණා.