fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් සතියේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2021 10:36

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් සතියේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර ප්‍රතිඵල සමාලෝචනය මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අවසන් සතිය වන විට සියලු ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

මේ අතර සියලු සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා කරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම සියලුම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ද ලබන 27 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2021 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්