fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් අට දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2021 16:03

ඇෆ්ගනිස්ථානයේ තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් අට දෙනෙකු ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ නන්නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයන් අට දෙනෙකු ඝාතනයට ලක්වුණා.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නැන්ගර්හාර් ප්‍රාන්තයේ මුස්ලිම් දේවස්ථානයක් තුළදීයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මෙම ප්‍රහාරය ඉඩම් ආරවුලක් පාදක කර ගනිමින් එල්ල වී ඇති බවයි නැංගහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ.

රාමදාන් උත්සවයට සමගාමී ලෙස පැවති ආගමික වැඩසටහනක් අතරතුරදී ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2021 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්