කලුසාගරගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලුසාගර නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළග තිබී රුපියල් ලක්‍ෂ 60 කට පමණ වැඩි වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ද සොයා ගත්තා. මෙම සැකකරු හා සැකකාරිය ළග තිබී මෝටර් රථයක්, ජංගම දුරකථන 5 ක්, ඉලෙක්ට්‍රොනික් තරාදි 3 ක්, මුදල් රුපියල් 7500 ක් හා බැංකු කාඩ් 2 ක් ද පොලිස් භාරයට ගැනුණා.
මොවුන් මාදින්නාගොඩ රාජගිරිය යන ලිපිනයේ තාවකාලිකව පදිංචි වී ඇති අතර ස්ථිර පදිංචිව සදහන්ව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේයි.
ඩුබායි සිට මත් ජාවාරම මෙහෙයවන කලු සාගර නමැත්තා හා ඔහුගේ බිරිද මොවුන් මෙහෙයවා ඇති බවටයි පරික්‍ෂණවලින් හෙළිවී තිබෙන්නේ.